June 23, 2024

රජය විසින් ගැසට් කරන ලද නව සංක්‍රමණ පනත් කෙටුම්පතක් යටතේ මිනිස් ජාවාරමේ නිරත වූ බවට වරදකරු වන ඕනෑම පුද්ගලයකු වසර පහේ සිට දහය දක්වා සිරදඬුවම් සහ රුපියල් මිලියන දෙකක දඩයකට යටත් වේ.

මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළට නීතිවිරෝධී ලෙස පැමිණෙන සහ ශ්‍රී ලංකාවෙන් පිටතට යන පුද්ගලයන්ට දැඩි දඬුවම් පනවා ඇත.

මූල්‍ය හෝ ද්‍රව්‍යමය වාසි තකා පුරවැසියන් නොවන අය ශ්‍රී ලංකාවට හොර රහසේ ගෙන එන අයට, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් ඕනෑම පුද්ගලයකු දැන දැනම රඳවා තබා ගන්නා, සඟවන හෝ ප්‍රවාහනය කරන අයට සහ එවැනි පුද්ගලයන් දැනුවත්ව සේවයේ යොදවන්නන්ට දඬුවම් අදාළ වේ.

එවැනි පුද්ගලයන් සියලුදෙනාම මිනිස් ජාවාරම් කිරීමේ වරද සිදු කරන අතර, අධිකරණයකදී වරදකරු වුවහොත්, වසර පහකට නොඅඩු සහ අවුරුදු විස්සක් නොඉක්මවන සිරදඬුවමකට මෙන්ම රුපියල් මිලියනයකට නොවැඩි දඩයකටද මුහුණ දීමට සිදුවේ.

රටේ නීතිවලට පටහැනිව, ද්‍රව්‍යමය හෝ මුල්‍යමය වාසි තකා ශ්‍රී ලංකාවෙන් පුද්ගලයන් ජාවාරම් කිරීම සංවිධානය කිරීමත්, වෙනත් රටකට ඇතුළු වීමට පහසුකම් සලසන පුද්ගලයන්ටත්, එවැනි පුද්ගලයන් විදේශ රටක රඳවා තබන අයටත් එම දඬුවම් නියම කෙරේ.

ශ්‍රී ලංකාව හැර වෙනත් රටකට යාමට පුද්ගලයන් පොළඹවා ගැනීම සඳහා ව්‍යාජ පොරොන්දු ලබාදීමෙන් හෝ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සෘජුව හෝ වක්‍රව මූල්‍ය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ නිරත වන්නන් ද මිනිස් ජාවාරමේ වරදට යටත් වේ.

වරදකරු වූ පසු, එවැනි පුද්ගලයන්ට වසර පහකට නොඅඩු සහ අවුරුදු දහයකට නොවැඩි සිරදඬුවමක් සහ රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට මුහුණ දීමට සිදුවේ.

මේ අතර, පනත යටතේ ළමයකු සම්බන්ධයෙන් වරදක් සිදුකර ඇත්නම්, වරදකරුවන්ට වසර අටත් විස්සක්ත් අතර සිරදඬුවමක් සහ රුපියල් මිලියන දෙකක දඩයකට මුහුණ දීමට සිදුවේ.

42.31%
17.27%
32.76%