Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ණය හිමියන්ට ගෙවිය යුතු මුදල පියවීම සඳහා මෙරට පෙට්‍රල් සහ ඩීසල් පාරිභෝගිකයන් පසුගිය වසරේ මැද භාගයේ සිට රුපියල් 50 සිට රුපියල් 55ක් දක්වා ලීටරයකට ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පිළිගෙන තිබේ.
ඔහු එසේ පැවසුවේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත ජාතික පුවත්පතක් සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස ජනතාවගෙන් ඉන්ධන වෙනුවෙන් අයකරන වැඩි මිල පිළිබඳව හෙළිකළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු වෘත්තීය සමිති නායකයා පැවසුවේ, පෙට්‍රල් 92 ලීටරයක් රු. 366ක්, ඔක්ටේන් 95 රු. 464ක්, ඔටෝ ඩීසල් රු. 358ක් සහ සුපර් ඩීසල් රු.475 බවට පත්ව ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ණය පාරිභෝගිකයන් වෙත පැවරීම හේතුවෙන් බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති විජේසේකර පැවසුවේ, “ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැපයුම්කරුවන්ට ඩොලර් 730ක් ණයයි. මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 199ක් ණය වෙලා සිටියා. ඉන්දියානු ණය ක්‍රමය යටතේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව 2022 අප්‍රේල් සිට අගෝස්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 700ක පෙට්‍රෝලියම් නිෂ්පාදන ලබාගෙන තිබෙනවා. ඒ වන විට ක්‍රියාත්මක වූ අන්තර්ජාතික සම්බාධක හේතුවෙන් ගෙවීම් කළ නොහැකි වූ නිසා අපි ඉරානයට ඩොලර් මිලියන 240 ක් ණය තිබුණා,” යනුවෙනි.
රාජ්‍ය බැංකු දෙකට එල්ල වූ පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔවුන්ට ගෙවිය යුතු සම්පූර්ණ මුදල පියවූ බව විජේසේකර ඇමැතිවරයා පැවැසීය.
ඉන්ධන මිල සූත්‍රය හේතුවෙන් මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වීම නිසා රුපියල් බිලියන 199න් රුපියල් බිලියන 150ක් ආපසු ගෙවීමට තෙල් සංස්ථාවට හැකි වී තිබේ.
“අපි මහජන බැංකුවට ගෙවිය යුතු මුළු මුදල පියවා අවසන් කර ඇති අතර ලංකා බැංකුවේ ණය දළ වශයෙන් රුපියල් බිලියන 50ක් දක්වා අඩු කරගෙන තිබෙනවා” යැයි ඔහු පැවසීය.
ඇමැති විජේසේකර කියා සිටියේ සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම හේතුවෙන් සැපයුම් අඩාළ වී තෙල් සංස්ථාව විශාල අර්බුදයකට මුහුණදුන් බවයි.
තෙල් සංස්ථාවේ ඩොලර් මිලියන 730ක ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 400ක් පමණ ණය වී ඇත්තේ චීනයට බව ඇමැති විජේසේකර ප්‍රකාශ කළේ, චීනය ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද හෙළිදරව් කරමිනි.
කෙසේවෙතත් ප්‍රමුඛතා පදනමක් මත තෙල් සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු සම්පූර්ණ ඩොලර් මිලියන 730ක ණය පියවා ඇත.
තෙල් සංස්ථාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් භාවිත කර ඇති ඉන්දීය ණය ක්‍රමය පිළිබඳ අදහස් දක්වමින් ඇමැති විජේසේකර කියා සිටියේ, එම මුදල පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක සමස්ත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරය විසින් පවරාගෙන ඇති බවට ආනන්ද පාලිත කළ ප්‍රකාශය ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.
ඔහු පවසන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 700ක ඉන්දියානු ණය පියවා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගෙන් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට නිෂ්පාදන බද්ද ලෙස රුපියල් 50 සිට 55 දක්වා අයකර තිබේ.
ඉරාන බොරතෙල් සඳහා දිගු කල් ගෙවීමට ඇති ගෙවීම ගැන සඳහන් කරමින් ඇමැති විජේසේකර කියාසිටියේ, එය ඩොලර් මිලියන 05 බැගින් මාසික වාරික වශයෙන් ආපසු ගෙවන බවයි.
තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති විජේසේකර කියාසිටියේ, ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ට්‍රිලියන 02ක ණය වී ඇති බවයි.
ඇමරිකානු ඩොලර් මිලියන 700ක ඉන්දියානු ණය ක්‍රමය ඇතුළුව එම මුදලේ වැඩි කොටස මහා භාණ්ඩාගාරය විසින් භාරගෙන ඇති බව ඔහු පැවසීය.
Sinopec සහ Lanka IOC සමාගම රුපියල් 50 සිට 55 දක්වා වූ නිෂ්පාදන බද්දෙන් ප්රතිලාභ ලැබුවේදැයි ඇසූ ඇමැති විජේසේකර ප්‍රකාශ කළේ, එම මුදල් භාණ්ඩාගාරය වෙත යැවුණු බවයි.
ඩීසල් බදු අය කළ ද විදුලිය නිෂ්පාදනය සඳහා දැන් ඩීසල් යොදා නොගන්නා බව විජේසේකර ඇමැතිවරයා කීවේය.
උදුන් තෙල් සහ නැප්තා බදුවලට යටත් නොවන බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට උදුන් තෙල් සැපයීමෙන් ලාභ නොලබන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබා නොගෙන සම්පූර්ණයෙන්ම වාගේ සිංගප්පූරුව පදනම් කරගත් වෙළෙඳ සමාගම් මත යැපෙන්නේ මන්දැයි විමසූ විට ඇමැති විජේසේකර පැවසුවේ, සැපයුම්කරුවන් 10ක් පමණ සිටින බවත් තෙල් සංස්ථාව ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ බවත්ය.
ඇ.ඩො. බිලියන 2.9ක ණය පැකේජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අවසන් කිරීමෙන් පසුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැමැත්තෙන් ඉදිරිපත් කළ මිල ගණන් පිළිනොගත් බව ඇමැති විජේසේකර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart