Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බැංකු තැන්පතු පසුගිය වසරේදී සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුව පෙන්වාදෙන්නේ මෙරට බැංකු අංශය 2024 වසරේදී තැන්පතුවල රුපියල් ට්‍රිලියන 2ක ඉහළයෑමක් පෙන්නුම් කර ඇති බවයි.
ඒ අනුව, වසර අවසන් කිරීමේ දී එම අගය වාර්තා වී ඇත්තේ රුපියල් ට්‍රිලියන 12.3 ක් ලෙසය.
එය පෞද්ගලික අංශයේ ණය ප්‍රවාහයට අනුරූප වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල 2024 අවසන් වන විට තැන්පතු වගකීම් රුපියල් ට්‍රිලියන 12.3 ක් ලෙස වාර්තා වී ඇති අතර, 2023 වසර අවසානයේදී එම අගය රුපියල් ට්‍රිලියන 10.4 කි.
2024 පළමු කාර්තුවේදී නිරීක්ෂණය වූයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වල සුළු වැඩිවීමක් බව මහ බැංකුව පවසයි.
එහෙත් 2024 පසුකාලීන කාර්තුවලදී එම තත්ත්වය තවදුරටත් වේගවත් වී තිබේ.
“පෞද්ගලික අංශයේ ණය ප්‍රවාහයේ වැඩිවීමට සමගාමීව, අඩු පොලී අනුපාතවල සහාය ඇතිව, රාජ්‍ය බැංකු සහ දේශීය පෞද්ගලික බැංකු විසින් වාර්තා කරන ලද තැන්පතු ඉහළ යෑම මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු විය” යනුවෙන් මහ බැංකුව පෙන්වාදෙයි.
බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතුවල වර්ධනය 2023 අවසානයේ 10.54% ක් වූ බව මහ බැංකුව පවසයි.
2024 මාර්තු අවසන් වන විට එය 11.05% දක්වාත්, 2024 සැප්තැම්බර් අවසානය වන විට 15.36% දක්වා වේගවත්ව වර්ධනය වී තිබේ.
අනතුරුව 2024 වර්ෂය අවසන් වන විට එම ප්‍රතිශතය 18.43% දක්වා වර්ධනය වී තිබූ බව මහ බැංකුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart