
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවිනිශ්චිතභාවය සහ සමාජයීය පිළිගැනීමක් නොමැතිවීම සමඟ පොරබදමින් සිටින ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන ලෙස එරට මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් තම මව්බිම අතහැර පළාගිය මෙම පුද්ගලයන්ට නිසි සහයෝගයක්, අධ්‍යාපනයක් හෝ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිව ඉන්දියාව තුළ අස්ථාවර ජීවිතයක් ගතකරන බව පැවැසේ.
මෙරට මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුධය හමුවේ 2021 වන විට, රටේ විදේශ ණය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 101 දක්වා ඉහළ ගොස් තිබූ අතර, ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් ඇතිවිය.
ව්‍යාපාර කඩාවැටීම, කර්මාන්ත ඇණහිටීම, ජීවනෝපාය මාර්ගවලට දැඩි බලපෑම් එල්ලවීම මධ්‍යයේ රටේ ජනතව හදිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සහන ඉල්ලා සිටි බැවින්, මෙම මූල්‍ය අස්ථාවරත්වය 2022 දී මහජන විරෝධතාවක් බවට පත්විය.
මෙම දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වීමට මාර්ගයක් නොමැති ඇතැම් දෙමළ පවුල් ඉන්දියාවේ රැකවරණය පතා මුහුදු මාර්ගයෙන් පළායන ලදී.
ඒ අනුව, 2022 සිට පවුල් 96කට අයත් පිරිමි පුද්ගලයන් 15ක්, කාන්තාවන් 95ක්, පිරිමි ළමුන් 58ක් සහ ගැහැණු ළමුන් 57ක් ඇතුළුව ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 315ක් නීතිවිරෝධී ආකාරයෙන් බෝට්ටුවලින් රාමේෂ්වරම් වෙත පැමිණ තිබිණි.
තමිල්නාඩු රජය ඔවුන්ට නවාතැන් සහ ආහාර සපයා ඇති මණ්ඩපම් සරණාගත කඳවුරේ නවත්වා ඇත.
කෙසේවෙතත්, ඔවුන්ට මධ්‍යම රජයෙන් නිල සරණාගත තත්ත්වය ලබා දී නොමැති බැවින්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය සීමාසහිතව පවතී.
මෙම පවුල් මුහුණදෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනයයි.
නිල පිළිගැනීමක් හෝ මූල්‍ය ආධාරයක් නොමැතිව බොහෝ සරණාගත දරුවන්ට පාසල් යෑමට නොහැකි වී ඇත.
ආදායමක් නොමැතිව අනාගතයක් ගොඩනගා ගැනීමට අරගල කරන මෙම පුද්ගලයන් පවසන්නේ, තමන් සිරකරුවන් මෙන් සිරවී සිටින බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඔවුන්ට සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති අතර ඔවුන්ට ආපසු මෙරටට පැමිණීමට අවසර දී ඇත.
ඒ අනුව එම සරණාගතයන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් ආපසු හරවා යැවීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart