January 15, 2024

පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම පුද්ගලයකු තවත් පුද්ගලයකුගේ ගෙළ කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.

තුවාල ලද පෙතියාගොඩ මෑවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරු තියුණු ආයුධයත් සමඟ (පේපර් කටර්) අත්අඩංගුවට ගෙන තිබේ.

කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක පෑලියගොඩ පොලිසි ස්ථානයට කරන ලද පවුල් ආරවුලක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා එහි සුළු පැමිණිලි අංශය වෙත තුවාලකරුවන අනියම් සැමියාත් සමඟ පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා අනියම් සැමියා සමඟ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව සඟවාගෙන සිටි ජේපර් කටර් එකෙන් තුවාලකරුගේ ගෙළේ දකුණු පස පෙදෙසට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

කඩවත ඉහළ බියවිල පදිංචි සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%