April 5, 2024

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු ඔහුගේ ඇස්වලට සිදු වූ හානිය සහ ඔහුගේ ජීවිතයට ඇති විය හැකි තර්ජන සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා තවත් අටදෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම් නමැති රෝගීවූ මෙම පුද්ගලයා, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී.ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල චමී කෙමිස්ට් (පෞද්ගලික) සමාගම යන අයගෙන් වන්දි ඉල්ලා ඉන්වික්ටස් නීති සමාගම හරහා මෙම එන්තරවාසි ලිපිය එවා ඇත.

වන්දි මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන් දැනුම්දී තිබේ.

නීතිඥ සමාගම පවසා ඇත්තේ, තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.

එම ශල්‍යකර්මයෙන් පසු අදාළ ඖෂධයේ අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් අනතුරුව තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු, අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අනතුරුව ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවූ බවත්, පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත්, එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%