August 15, 2024

නිමා වූ ඉන්දු – ලංකා තරගාවලියෙන් පසු නවතම ICC පිරිමි එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් සමත් වී තිබේ.

පාකිස්ථානයේ බාබර් අසාම් එක්දින පිතිකරුවන් සඳහා වන ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී.

ඔහුට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ ශ්‍රී ලංකා දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක අභියෝග කරන බවක් පෙනෙන්නට ඇත.

රෝහිත් ෂර්මා ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලියේ ලකුණු 157 සමගින් ඔහුගේ කණ්ඩායම් සගයකු වන ශුබ්මන් ගිල් අභිබවා ගොස් බාබර්ට වඩා එක් ස්ථානයක් පසුපසින් දෙවැනි ස්ථානයට පත්ව ඇත.

අතර එම තරඟාවලියේ දී ලැබූ ලකුණු 101ත් සමග පැතුම් නිශ්ශංක 8 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව වසර 27ක නියඟයක් බිඳ දැමුවේ 1997 වසරෙන් පසු ප්‍රථම වතාවට ඉන්දියාව පරාජය කරමිනි.

එම එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් සමග කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ද ඕවර 50 පිතිකරුවන් සඳහා වන නවතම ලැයිස්තුවේ යම් ජයග්‍රහණ අත්කර ගෙන තිබේ.

කුසල් ස්ථාන පහක් ඉහළ ගොස් 39 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර අවිශ්ක ස්ථාන 20කින් ඉදිරියට පැමිණ 68 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ස්ථාන 17කින් ඉදිරියට පැමිණ 59 වැනි ස්ථානය දක්වාත් පැමිණෙමින් පන්දු යවන්නන් සඳහා වූ එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.