42.31%
17.27%
32.76%
August 14, 2024

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සමගි ජන සන්ධානයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳ ගිවිසුමක් අද පෙරවරුවේ තලවතුගොඩදී අත්සන් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

පාඨලී චම්පික රණවක පසුගිය සමයේ සමගි ජන බලවේගයෙන් වෙන්ව කටයුතු කරනු දක්නට ලැබුණු අතර ඇතැම් අවස්ථාවල පක්ෂ නායකත්වය විවේචනය කරනු ද දක්නට ලැබිණි.

42.31%
17.27%
32.76%