42.31%
17.27%
32.76%
October 10, 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සන්ධානයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවකගේ පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන බලවේගයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

චම්පික රණවක සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එක්සත් ජනරජ පෙරමුණ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූ බවයි.

කෙසේ වෙතත්, දෙපාර්ශවය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ රෙගුලාසි පිළිපැදීමට සජබ අපොහොසත් වී ඇති බවත්, එමඟින් ගිවිසුම උල්ලංඝනය කර ඇති බවත් ඔහු පවසයි.

එබැවින් එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානය සමඟ කිසිදු දේශපාලන කටයුත්තක නිරත නොවන බව චම්පික රණවක සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ කොළඹිනි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර නොතිබූ බව වාර්තා වේ.

නාමයෝජනා ලැයිස්තුවේ මතුව ඇති ගැටළු හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි මහමැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කර තිබේ.

42.31%
17.27%
32.76%