Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (නොවැ 29) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
අධිකරණ නියෝගයකට අනුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරි පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 17 වැනිදා රහස් පොලිසියට නියෝග කළේය.
මෙරටට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද ජෙරොම් දේවගැතිවරයාට අධිකරණය නියෝග කළේය.
මේ වසරේ මැයි මාසයේදී සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේ, ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටී.
ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන නිසා මෙරට බෞද්ධාගම අදහන පිරිස තුළ කැළඹීමක් ඇති වී තිබිණි.
මෙම කලබලයෙන් පසුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
පසුගිය මැයි මාසයේදී ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගත්තද, ඒ වන විට දේවගැතිවරයා රටින් පිටව ගොස් සිටි බව අනාවරණය විය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද රහස් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.
ජුලි මාසයේදී පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ විමර්ශනවලින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සතුව තිබූ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12.2ක මුදල් ගනුදෙනු සිදුව ඇති බවයි.
මතභේදයට තුඩු දී ඇති දේවගැතිවරයා සතු බැංකු ගිණුම් 11ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ගණුදෙණු සොයා ගෙන ඇති අතර එම ගිණුම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකෙරේ.
ඔහු වටා ඇති මෙම මතභේද මැද මැයි මාසයේදී විදේශගතවීමෙන් පසු, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මාස 06 කට ආසන්න විදේශගතව සිට නැවත මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart