Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි අවශ්‍යතා ඇති අය පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙසත්, එසේ නොමැති පුද්ගලයන් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයැදුම් කිරීම ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාද කරන ලෙසත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අද පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ ඔක්තෝම්බර් මාසයේදී විදේශ ගමන් බලපත්‍ර සඳහා අයැදුම් කරන පුද්ගලයන්ට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව නව විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
නව විදේශ ගමන් බලපත්‍රවල වැඩි දියුණු කළ ආරක්ෂක අංග ඇතුළත් වන බව ඇමැතිවරයා අනාවරණය කළේය.
විවිධ හේතූන් මත නව විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය ප්‍රමාද වීම නිසා නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වන බවද ඇමැතිවරයා පැවැසීය.
“දිනකට විදේශ ගමන් බලපත්‍ර 3,000ක් පමණ නිකුත් කිරීම අවශ්‍ය වුවත් පවතින තත්ත්වය මත දැනට නිකුත් කරන්නේ 900ක් පමණයි,” යැයි කී ඇමැති අලස් වැඩිදුරටත් පැවසුවේ, අතිශය හදිසි අවශ්‍යතා සඳහා දිනකට විදේශ ගමන් බලපත්‍ර 100ක් පමණ නිකුත් කිරීමට ඇතැම් අවස්තාවලදී අවසර දී ඇති බවයි.
“මෙතෙක් නිකුත් කර ඇති සියලුම විදේශ ගමන් බලපත්‍රවලින් භාවිත කර ඇත්තේ 23%ක් පමණක් බැවින්, හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart