Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජුලි 01 වැනිදායින් පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය කලින් ප්‍රකාශ කළ පරිදි වසරකින් දීර්ඝ නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Daily FT පුවත්පතට අනුව කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කළ නොහැකි බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය තහවුරු කර ඇත.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් (ICAO) පැහැදිලි කිරීමක් ලබාගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
ICAO විසින් එවැනි දිගු කිරීම් සඳහා අවසර දී ඇත්තේ කොවිඩ්-19 වසංගතය අතරතුර පමණක් බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන අතර, එවැනි දිගු කිරීම් තවදුරටත් ලබාගත නොහැකි බව සඳහන් කරයි.
ජුලි 01 වැනිදායින් පසු අවසන් වන විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කරන බවට පසුගියදා වාර්තා වීමත් සමඟ ආගමන විගමන පාලක ජනරාල්වරයා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
මේ වසරේ නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව එම අවස්ථාවේදී වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart