Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර ඇත්තේ, ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් තමන් වෙත ලැබී ඇති බවයි.
ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කර තිබේ.
කථානායකවරයා සඳහන් කළේ, වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බවයි.
වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව ද කථානායකවරයා සඳහන් කරයි.
මේ අතර මේ වසරේ අග හෝ ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් ර ඇත්තේ, සීමාවන්ට යටත්ව වාහන ආනයනයට අවසර දීමට දැනට සැලසුම් කර ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු නිර්දේශ ද එහිදී සැළකිල්ලට ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මීට පෙර ප්‍රකාශ කළේ, වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart