January 30, 2024

විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදුවිය.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙසේ සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදුවිය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටුකළේය.

මේ අනුව හෙට (31) දින පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩ භාරගැනීමට නියමිතය.

42.31%
17.27%
32.76%