October 22, 2024

පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී මියගිය නව යොවුන් වියේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මාපියන් කණස්සල්ල පළකර තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් මියගිය දැරියගේ මාපියන් පවසන්නේ, බාලවයස්කාර දැරියකගේ නම, ඇයගේ තොරතුරු සහ ඇයගේ පවුලේ අය සම්බන්ධ වෙනත් පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඇතුළුව, ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

තවද, මාස කිහිපයකට පෙර කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේදී සිදුවූ මිතුරන්ගේ මරණය සම්බන්ධයෙන්, තම දියණිය තම පාසලේ සිසුන්ගේ මාපියන් සහ ගුරුවරුන් යන දෙපාර්ශ්වයේම හිරිහැරවලට ගොදුරු වී ඇති බවද මියගිය දැරියගේ මාපියෝ සඳහන් කරති.

එම දරුවන් දෙදෙනාගේ අනතුර සම්බන්ධයෙන් තම දියණිය තොරතුරු දැන, ඒවා සඟවාගෙන සිටි බවට ඇතැමුන් චෝදනා කළ බවද, එම තත්වය හෙතුව්වෙන් සිය දියණිය දැඩි පීඩාවට පත්ව සිටි බවද ඔවුහු පෙන්වාදෙති.

42.31%
17.27%
32.76%