Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය මගින් ප්‍රවාහන කරන පාර්සල් සහ භාණ්ඩ සඳහා අයකරන ගාස්තුව පෙබරවාරි 01 වැනිදා සිට ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, ජනවාරි 18 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහාවන ගාස්තු ද සංශෝධනය කර තිබේ.
මේ දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාර්සල් ප්‍රවාහන කිරීමේ දී පාර්සලයේ බර අනුව සහ යෑමට නියමිත දුම්රිය ස්ථාන වෙත පවතින දුර පදනම් කර ගනිමින් ගාස්තු අයකිරීම මෙන්ම එම ගාස්තුව අනුව වැට් බදු අය කිරීම පමණක් සිදුකර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කර ඇත.
කෙසේවෙතත්, මෙම ගැසට් නිවේදනයට අනුව පාර්සල් ප්‍රවාහන කිරීමේදී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා පාර්සලයේ වටිනාකම 0 සිට 1000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතයක් නැත.
පාර්සලයේ වටිනාකම 1000 සිට 5000 දක්වා වටිනාකම් ප්‍රතිශතය සියයට 1.5ක් ද, 5000 සිට 10,000 දක්වා සියයට 2.25ක් ද, 10,000 සිට 20,000 දක්වා සියයට 3ක් ද සහ 20,000ට වැඩි නම් සියයට 4.5ක් වේ.
එමෙන්ම ඉහත සඳහන් ද්‍රව්‍ය සහ භාණ්ඩවලට අයත් නොවන වටිනාකම රුපියල් 10,000ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් සියයට 0.5ක ප්‍රතිශතයක් අයකිරීමට කටයුතු යොදා ඇත.
නව ගාස්තු සංශෝධන දැක්වෙන ගැසට්ටුව පහතින්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart