April 29, 2025

පානදුර, හිරණ ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශයට අනුව, යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙකු ටී-56 ප්‍රහාරක රයිෆලයක් භාවිත කර වෙඩිතබා ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.