Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසීන් පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වී විරෝධතාවයේ නිරත වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් වාර්තා විය.
පමුණුගම ප්‍රදේශයේ නිවසක් බිඳ රන් මාලයක් සොරකම් කළ බව කියන තරුණයන් දෙදෙනාට පොලිසිය විසින් පසුගිය ඉරිදා අමානුෂික ලෙස පහරදුන් බව ප්‍රදේශවාසීහු පවසති.
සැකකරුවන් 20 සහ 24 යන වයස්වල පසුවන අතර, ඔවුන්ගේ සේවා ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
තරුණයන්ගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රකාශ කළේ, තරුණයන් අහිංසක බවත් ඔවුන් සොරකමට සම්බන්ධ නැති බවත්ය.
සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart