June 28, 2024

එල්විස් ප්‍රෙස්ලිගේ නිල් පැහැති පදම් සපත්තු යුගලයක් වෙන්දේසියට සූදානම් කර තිබේ.

සුප්‍රකට ඇමරිකානු ගායකයා 1950 ගණන් වලදී ස්ටීව් ඇලන් රූපවාහිනී වැඩසටහනේ ප්‍රසංගයක් ඇතුළුව වේදිකාවේ සහ ඉන් පිටත ප්‍රසංග සඳහා පැළඳි 10.5 ප්‍රමාණයේ පාවහන් යුගලයක් එලෙස වෙන්දේසියට සූදානම් කර තිබේ.

1956 වසරේදී ප්‍රෙස්ලි ඔහුගේ පළමු ඇල්බමය සඳහා කාල් පර්කින්ස් විසින් රචනා කරන ලද Blue Suede Shoes ගීතය පටිගත කිරීමෙන් අනතුරුව මෙම සපත්තු යුගලය මිලදී ගෙන තිබේ.

ප්‍රෙස්ලි පසුව 1958 දී අමෙරිකානු හමුදාවට එක්වීමට පෙර රාත්‍රියේ සපත්තු යුගලය මිතුරකුට ලබාදුන්නේය.

එය සංරක්ෂණය කර ඇත්තේ වසර 22ක ප්‍රෙස්ලිගේ සමීපතම මිතුරා වන ජිමී වෙල්වට් විසිනි.

විල්ට්ෂයර් හිදී වෙන්දේසිකරුවන් වන Henry Aldridge & Son විසින් පාවහන් යුගලය පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා මුදලකට අලෙවි කරනු ඇතැයි පැවසේ.

ප්‍රෙස්ලි තම සමීප මිතුරෙකු වූ ඇලන් ෆෝටාස් වෙත එම සපත්තු යුගලය ලබා දුන් ආකාරය ඔහු ලිපියකින් විස්තර කර තිබේ.

ඇලන් එහි සඳහන් කර ඇත්තේ “මෙම්ෆිස්හි එල්විස්ගේ හමුදා බඳවාගැනීමට පෙර රාත්‍රියේදී, එල්විස් ග්‍රේස්ලන්ඩ් හි රාත්‍රී සාදයක් පැවැත්වීය. පසුව අපි රේන්බෝ රෝලර් වළල්ලට ගියෙමු. අපි හැමෝම ගෙදර ආපු වෙලාවෙ එල්විස් අපි කීපදෙනෙකුට උඩ තට්ටුවට කතා කරලා එයාගේ ඇඳුම් ටික දෙනකොට එයා හිතුවේ නැහැ හමුදාවෙන් ආපුවාම එයා ඒවා අඳියි කියලා හෝ ආයේ ඕන වෙයි කියලා. එදා රාත්‍රියේ එල්විස් මට මේ නිල් පදම් සපත්තු ලබාදුන්නා. මේ අවුරුදු ගණනාව පුරාම මට මේවා අයිති වුණා.” යනුවෙනි.