Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පදියතලාව පොලිස් වසමට අයත් සේරන්කඩ පුළුන්ගස්මුල්ල විලතලාව ප්‍රදේශයේ දී පෙරේදා (20) සවස 5.45ට පමණ මස්සිනා විසින් නෑනාට පිහියෙන් කොටා සැකකාර මස්සිනා මන්නා පිහියත් සමග පොලිසියට භාරවීමේ සිදුවීමක් වාර්තා වන බව පදියතලාව පොලිසිය පවසයි.
තම සහෝදරයාගේ බිරිඳත් සමග මෙම 26 හැවිරිදි තරුණයා කාලයක් තිස්සේ ආරවුලකින් පසුවී ඇත.
මීට මාසයකට පමණ පෙර මෙම 47 හැවිරිදි නෑනාගේ වෙළෙඳසැලට ගිනිතබා අලාභහානි සිදුකිරීම නිසා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක් අවසානයේ පෙරේදා (20) දහවල් රුපියල් 15,000ක දඩයක් ගෙවීමට අදාළ මස්සිනාට අධිකරණය නියෝග කර තිබේ.
එය ගෙවා පැමිණ අදාළ පුද්ගලයා හවස මෙලෙස නෑනාට පිහියෙන් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇත.
කාන්තාව මහඔය රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලටත් මාරුකර යවා තිබේ.
පහරදීම සිදුකළ මන්නා පිහියත් සමග පොලිසියට භාර වූ 26 හැවිරිදි තරුණයා ඊයේ (21) දහවල් දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart