Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරවල තදබදය වැඩි වූ පමණින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය නතර නොකරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
තදබදය පිළිබඳ ප්රශ්නය විසඳීමට අවශ්‍ය වන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ අනෙකුත් අදාළ ආයතන මිස තම අමාත්‍යංශය නොවන බව ඔහු පෙන්වාදෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඇතුළු ආරක්ෂක අංශ සමඟ එක්ව දිවයින පුරා දියත් කළ යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීමත් සමඟ බන්ධනාගාර පිරී ඉතිරී යන බව පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ඇමැති ටිරාන් අලස් පවසන්නේ, “අපගේ (පොලිසියගේ) කාර්යය වන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමයි. ඔවුන් අත්අඩංගුවට ගන්නා විට අදාළ අනෙකුත් ආයතන ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. බන්ධනාගාරවල තදබදය වැඩිවුණා කියලා සැකකරුවන් අල්ලන එක නතර කරන්න බැහැ. එය අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ කාර්යයක්. ඔහු එය හසුරුවනු ඇති. වෙනත් අමාත්‍යංශවල කටයුතුවලට මැදිහත් වෙන්න මට අවශ්‍ය නැහැ”යනුවෙනි.
මතභේදයට තුඩුදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පසුගියදා පත්කිරීමේ සිදුවීමත් සමඟම මෙම පොලිස් මත්ද්‍රව්‍ය මෙහෙයුම ආරම්භ විය.
තෙන්නකෝන්ගේ පත්වීම සහ එහි නීත්‍යනුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ප්‍රශ්න කර තිබේ.
ඊට දිනකට පෙර ප්‍රකාශයට පත්කරන ලද “යුක්තිය” නම් දීපව්‍යාප්ත මෙහෙයුම, අලස් සහ තෙන්නකෝන් යන දෙදෙනාගේ උපදෙස් පරිදි 2023 දෙසැම්බර් 17 වැනි දින ප්‍රථම වරට දියත් කරන ලදී.
විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදාව වැනි අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඇතිව එය දියත් කෙරේ.
පළාත් කිහිපයක, විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යංශට අනුව පසුගිය වසරේ දෙසැම්බර් 17 සිට 31 දක්වා කාලය තුළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 20,797ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් 1,018 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පරීක්ෂණ පැවැත්වෙන අතර තවත් සැකකරුවන් 1,298 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර තිබේ.
නීතිවිරෝධී වත්කම් සම්බන්ධ චෝදනා මත සැකකරුවන් 189 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ විශේෂ අපරාධ විමර්ශන අංශයට අවශ්‍ය සැකකරුවන් ලැයිස්තුවේ සිටි සැකකරුවන් 1625 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6ක්, අයිස් කිලෝග්‍රෑම් 8.37ක්, ගංජා කිලෝග්‍රෑම් 297.8ක්, ගංජා පැළ 2,110,500ක් සහ මත්පෙති 72,272ක් ඇතුළුව රුපියල් මිලියන 858ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් නිවාස, වාහන ඇතුළු දේපළ ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 558.5කට අධික බව පැවසේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart