Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නායයෑමේ අවදානම් දිස්ත්‍රික්ක 10ක් පුරා අධි අවදානම් සහිත ගොඩනැගිලි 92,765ක් හඳුනාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවේ සඳහන් කර තිබේ.
මේ බව හඳුනාගෙන ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) මානව ජනාවාස සැලසුම් සහ පුහුණු අංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකිනි.
සමීක්ෂණය සඳහා1:10,000 පරිමාණයෙන් 2016 දක්වා සම්පූර්ණ කරන ලද සිතියම් 162ක් භාවිත කර තිබේ.
කෙසේවෙතත්, නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් 2015න් පසු සම්පූර්ණ කරන ලද සිතියම් 62කින් තීරණාත්මක සමීක්ෂණ දත්ත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මානව ජනාවාස සැලසුම් සහ පුහුණු අංශය අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මගින් අනාවරණ කර තිබේ.
වඩාත් සවිස්තරාත්මක 1:10,000 පරිමාණයෙන් නිම කරන ලද එම සිතියම්, මෙම දිස්ත්‍රික්කවල අධි අවදානම් සහිත ගොඩනැගිලි හඳුනාගැනීම සඳහාම සකස් කර ඇති බව සඳහන් වේ.
නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය ඉඩම් පරීක්ෂා කිරීම් සහ නායයෑම් සමීක්ෂණ සඳහා අවදානම් තක්සේරු වාර්තා නිකුත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර එමඟින් අනතුරුදායක ප්‍රදේශවල ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීරණ ද දැනුම් දෙයි.
කෙසේවෙතත්, 2022 ජනවාරි සිට 2022 අගෝස්තු 31 දක්වා කාලයේ ක්‍රියාකාරකම් විගණනය කිරීමේදී විෂමතා සහ අකාර්යක්ෂමතා අනාවරණ වී තිබේ.
2022 අගෝස්තු 31 දින වන විට, ගොඩනැගිලි ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්ක 11කින් අයදුම්පත් 700ක් එම අංශයට ලැබී ඇත.
ඒ අතරින් අයදුම්පත් 331ක් සඳහා පමණක් නිර්දේශ ලබා දී ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාව අනාවරණ කරයි.
නිර්දේශ අවශ්‍ය වන අයදුම්පත් 340න් සැළකිව යුතු කොටසක් මාසයකට වැඩි කාලයක් පරීක්ෂාවට ලක් වී නැත.
පුහුණු පිරිස්වල හිඟය, ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම, අයදුම්පත්‍ර දෝෂ සහ ප්‍රමාද වූ ගෙවීම් ඇතුළු විවිධ සාධක ඊට හේතුවී ඇති බව පැවසේ.
එසේම, එම දිනය වන විට ඔවුන් වෙත නායයෑම් මැනුම් සඳහා අයදුම්පත් 2,045ක් ලැබී තිබුණද, නිර්දේශ ලබාදී ඇත්තේ ඉන් 333ක් සඳහා පමණක් හෙළිවී තිබේ.
ඒ අනුව අයදුම්පත් 1,415ක් ඉතිරිව තිබේ.
මේ අතර, මානව ජනාවාස සැලසුම් සහ පුහුණු අංශය විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශවල ගොඩනැගිලි මැනීමේ දත්ත පද්ධතියක් සකස් කිරීම සහ ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීම සහ භූගෝලීය සමීක්ෂණ වාර්තා මත පදනම්ව දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑම වශයෙන් ව්‍යාපෘති දෙකක් යටතේ දත්ත පද්ධති පවත්වාගෙන ගොස් ඇත.
කෙසේවෙතත්, 1:10,000 පරිමාණ සිතියම්ගත කිරීමේ අසම්පූර්ණ ස්ථානගත කිරීම හේතුවෙන් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් ඒකක මට්ටමින් ස්ථානීය ඡායාරූප ඇතුළත් මෙම දත්ත පද්ධතිවල ඵලදායීතාව අඩාල වී තිබේ.
මේ අතර, විගණන වාර්තාවේ සොයාගැනීම් සාකච්ඡා කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) දිනයේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
(The Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart