Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ දිනයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ මාර්ග නීති කඩකිරීම් සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සහ බීමතින් රිය පැදවූ රියදුරන් 251ක් ඇතුළුව රියදුරන් 9,000කට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
දිනෙන් දින ඉහළ යන රථ වාහන අනතුරු සංඛ්‍යාවට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා පොලිසිය 2024 දෙසැම්බර් 23 වැනි දින සිට දීප ව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් දියත් කරන ලදී.
මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ අනතුරු අවම කිරීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන උත්සව සමය පුරාම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම මෙහෙයුම පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන්නේ මෙම මෙහෙයුමේදී රියදුරන් 8,747 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බවය.
ඊයේ දිනෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි.
මෙහෙයුමේ කොටසක් ලෙස, පොලිස් නිලධාරීන් විසින් රියදුරන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පරික්ෂා කරනු ඇත.
බස් රථ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගයෙන් ධාවනය කිරීම, මාර්ග නීති කඩකිරීම සහ අනාරක්ෂිත ටයර් ඇතුළු යාන්ත්‍රික දෝෂ සඳහා ද පරීක්ෂා කෙරේ.
මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා කිසියම් නීති උල්ලංඝනයක් සිදු වුවහොත් දැඩි පියවර ගනු ලැබේ.
පොදු ප්‍රවාහනයට අමතරව අනෙකුත් වාහන ද පරීක්ෂා කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
රථවාහන නීති ක්‍රියාත්මක කිරීමට පැය විසිහතර පුරා පොලිස් රථවාහන නිලධාරීන් රට පුරා යොදවනු ඇත.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් බෙදා හැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart