Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තද සුළං නිර්මාණය වෙමින් පවතින අතර, කොළඹ නගරයේ ඇති පැරණි සහ දැවැන්ත ගස් 200කින් පමණ මහජනතාවට එල්ල වන දැඩි අවදානමක් හේතුවෙන් හැකි ඉක්මණින් ඒවා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කොල්ලුපිටිය හන්දිය අසල අනගාරික ධර්මපාල මාවතේ බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ජීවිත 5ක් අහිමිවීමේ සිද්ධියෙන් පසු කඩිනම් අවධානය යොමුකළ යුතු ගස් 1000ක් පමණ කොළඹ නගර සභාව විසින් හඳුනාගෙන තිබේ.
කොළඹ කෞතුකාගාරය අසල ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතට ඊයේ පෙරවරුවේ පාර අයිනේ තිබූ ගසක විශාල අත්තක් කඩා වැටීමෙන් බලධාරීන් විසින් පැය කිහිපයක් ඇතුළත එය ඉවත් කිරීම මෙහි නවතම තත්වය වේ.
කොල්ලුපිටිය අනතුරෙන් පසු කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ, කොළඹ නගරයේ ඇති අනතුරුදායක සහ පැරණි ගස් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර එය නගර ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කිරීමට හේතු වූ බවයි.
ඒ අනුව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ විශ්‍රාමලත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභාවේ විශේෂ ඒකකයක් විසින් මෙම පර්යේෂණය සිදුකර, අවදානමට ලක්විය හැකි පැරණි ගස් 1,000ක් පමණ පරීක්ෂා කර, සෑම ගසකටම වාර්තා සම්පාදනය කර තිබේ.
“කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල, පන්සල්, පල්ලි අවට සහ තවත් බොහෝ පොදු ස්ථානවල ගස් 100,000 ක් පමණ තිබෙනවා. මෙයින් ගස් 1,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කර ඒවායේ තත්ත්වය පිළිබඳ වාර්තා සම්පාදනය කළ අතර ඉන් 500 ක් ගැටලුකාරී තත්ත්වයන් ඇති බව සොයාගෙන තිබෙනවා.” යැයි කොමසාරිස්වරිය පවසයි.
“මෙම ගස් 500 න් 200 ක් පැරණි සහ දිරාපත් වෙමින් පවතින බවට හඳුනාගෙන තිබෙනවා. ඒවායින් මහජනතාවට විශාල අවදානමක් ඇති අතර ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දැමිය යුතුයි. මේ වසරේ ආරම්භයේ සිට අපි එවැනි ගස් 40ක් ඉවත් කර තිබෙනවා.” කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉංජිනේරුවන් ඇතුළු 150 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් පැය විසිහතරේම ක්‍රියාත්මක වන ඉඩම් හා පරිසර සංවර්ධන ඒකකය නමින් විශේෂ අංශයක් නගර සභාව සතු බව ඇය පවසයි.
ඒ අනුව සෑම දිනකම අවම වශයෙන් ගසක් හෝ දෙකක් කපමින් පැරණි හා අවදානම් සහිත ගස් ඉවත් කිරීමේ කාර්යයේ මේ වන විට කොළඹ නගර සභාව නියැලී සිටී.
අවදානම් ගණයට වැටෙන මෙම ගස් බොහොමයක් මාර, නුග සහ බෝ ගස් ලෙස හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart