November 11, 2024

කොළඹ ජාතික රෝහලේ ඇති MRI ස්කෑනරයක් යල්පැන ගිය තාක්‍ෂණයක් සහිත එකක් බවත් එය ප්‍රතිස්ථාපනය වියයුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය විසින් හඳුනාගෙන තිබේ.

ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ අධ්‍යක්ෂ S. A. J. කරුණාතිලක පවසන්නේ MRI යන්ත්‍ර, CT ස්කෑනර් යන්ත්‍ර ඇතුළු බොහෝ වෛද්‍ය උපකරණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර ඇතැම් පැරණි උපාංග යල්පනිමින් පවතින බැවින් ඒවා කඩිනමින් ප්‍රතිස්ථාපනය කළ යුතු බවයි.

භාවිතයට ගන්නා පැරණි උපකරණවලින් සමහරක් යල්පැන ගොස් ප්‍රතිස්ථාපනය කළ යුතු මට්ටමේ පැවතිය ද අනෙකුත් යන්ත්‍ර ක්‍රියාකාරීව පවතින බවත්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සුපුරුදු පරිදි ඒවා ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කරයි.

ඔහුට අනුව,කොළඹ ජාතික රෝහලේ ඇති යල්පැන ගිය MRI ස්කෑනරය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය එකම වෛද්‍ය උපකරණය නොවේ.

මේ නිසා MRI යන්ත්‍ර සහ CT ස්කෑනර් වැනි නව වෛද්‍ය උපකරණ මිලදී ගැනීම දැනටමත් සිදු වෙමින් පවතී.

කෙසේවෙතත්, බදුල්ල ශික්ෂණ රෝහලේ හෘද කැතීටරීකරණ රසායනාගාරයක් සඳහා වූ ප්‍රධාන ප්‍රසම්පාදන ව්‍යාපෘතිය අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇත.

කරුණාතිලක පැවසුවේ එම මිලදී ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) ආසන්න වශයෙන් ඩොලර් මිලියන 10ක් ලබා දෙන අතර නව MRI යන්ත්‍ර සහ CT ස්කෑනර් මිලදී ගැනීම සඳහා යුරෝපීය ඉස්ලාමීය ආයෝජන බැංකුවෙන් අමතර අරමුදල් සහ ලෝක බැංකුවෙන් ණය වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි.

බදුල්ල සහ අනුරාධපුර රෝහල් සඳහා වෛද්‍ය රේඛීය ත්වරණ යන්ත්‍ර දෙකක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, රජයේ මුදල් යොදවා අතිරේක උසස් උපකරණ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු අනාවරණ කළේය.

CT ස්කෑන් යන්ත්‍ර 40ක් පමණ මෙරට රෝහල්වල ක්‍රියාත්මක වුවද ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිස්ථාපනය කළයුතු මට්ටමේ පවතී.

මෙරට රෝහල්වල MRI යන්ත්‍ර 12ක් තිබුණ ද ඒවායේ නඩත්තුව පිළිබඳ පවතින්නේ ගැටලුසහගත තත්ත්වයකි.

කොළඹ ජාතික රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ රෝහල සතු MRI යන්ත්‍ර හතරෙන් දෙකක් පමණි.

එම යන්ත්‍රවලට ආගන්තුක ද්‍රව්‍ය ඇතුළුවීම නිසා දෝෂ වාර්තා වී තිබේ.

එක් අවස්ථාවක, MRI ස්කෑනරයක සිරවී තිබූ ළදරු ඩයපරයක් සොයා ගෙන තිබිණි.

මීට අමතරව, ජපානය විසින් පරිත්‍යාග කරන ලද යන්ත්‍රයක් එහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2023 වසරේ කාර්ය සාධන හා ප්‍රගති වාර්තාවට අනුව වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 2600ක අයවැයෙන් රුපියල් මිලියන 256.14ක් වැය කර ඇත.

තවද, වෙන් කර ඇති රුපියල් මිලියන 4,000න් සේවා සහ නඩත්තු ගිවිසුම් සඳහා මෙන්ම අමතර කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1,036.15ක් වැය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝග විනිශ්චය රූපකරණ සේවාවන්ට මොළය පරීක්ෂා කිරීමේ සඳහා MRI ස්කෑනරය සඳහා රුපියල් 16,450ක් සහ කොඳු ඇට පෙළ / තුනටිය ආශ්‍රිතකොඳු ඇට පෙළ / උරස් කොඳු ඇට පෙළ පරීක්ෂා කිරීමේ සඳහා MRI ස්කෑනරය සඳහා සඳහා රුපියල් 15,700ක් මෙම වෙන්කිරීම්වලට ඇතුළත් වේ.

එම රෝහලේ මොළය සඳහා වන CT ස්කෑන් පරීක්ෂාවකට රුපියල් 7500ක් සහ උදරය සඳහා CT ස්කෑන් පරීක්ෂාවකට රුපියල් 14,250ක් ලෙස ද මිල කර ඇත.

මෙම මිල ගණන් පෞද්ගලික රෝහල්වල මිලට වඩා සැළකිව යුතු ලෙස අඩුය.

42.31%
17.27%
32.76%