Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරාබදු නිලධාරීන් අතර දූෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් මත්පැන් බෝතල් ආරක්ෂණ ස්ටිකර් වංචාවට සම්බන්ධ සමාගම්වලට දැඩි දඩ නියම කර මත්පැන් බලපත්‍ර අවලංගු කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.
දේශීය මත්පැන් ව්‍යාපාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම නිර්දේශ ඇතුළත් බව මුදල් අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවට නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකි පරිදි CCTV කැමරා පද්ධති කර්මාන්තශාලා තුළ සවි කළ යුතු බවට මත්පැන් නිෂ්පාදකයන්ට නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.
වංචාවන්ට ඇතැම් සුරාබදු නිලධාරීන් ද සම්බන්ධ බවට එල්ල වන චෝදනා හේතුවෙන්, ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන කම්හල්වලට පරීක්ෂකවරුන් ලෙස යොදවා ඇති සුරාබදු නිලධාරීන් වහාම ස්ථාන මාරු කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිර්දේශ කරයි.
එහි අතිරේක පියවරක් ලෙස, මත්පැන් නිෂ්පාදන කම්හල්වලට පරීක්ෂකවරුන් ලෙස යොදවා ඇති සියලුම සුරාබදු නිලධාරීන් මාස හයකට වරක් මාරු කළ යුතු බවද දැක්වේ.
තවත් නිර්දේශයක් වන්නේ එකම ප්‍රදේශයක බලපත්‍ර කිහිපයක් ඇති මත්පැන් බලපත්‍රලාභීන්ට ආසන්න ස්ථාන කිහිපයක මත්පැන් අලෙවි කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමයි.
මුදල් අමාත්‍යාංශයේ මෙම වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ක්‍රමවේද කාරක සභාව වෙත ද යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart