April 2, 2024

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සළකා බැලීමෙන් අනතුරුවය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

42.31%
17.27%
32.76%