July 12, 2024

‘ක්ලබ් වසන්ත’ සහ තවත් පුද්ගලයකු ඝාතනය කළ අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගයවලට පටහැනිව ජනමාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස් වූ අවස්ථාවේ එම තීරණ ගෙන අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධ‍යෙන් පොලිස් කොමිෂන් සභාව මෙලෙස දැඩි ලෙස අවධානය යොමු ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, එම සිදුවීමට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර එය පොලිස් කොමිෂන් සභාව වෙත දැන්වීමට පොලිස්පතිවරයාට නියෝග කර ඇත.