October 31, 2024

පොදු ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කරන පුරවැසියන්ට බාධා නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලිඛිතව සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇත.

ඊට අදාළ චක්‍රලේඛය වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට යොමුකර ඇත.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මීට වෙනස් අදහසක් පහුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවලදී ජනගත කළේය.

ඔහු එහිදී සඳහන් කළේ පොලිස් රාජකාරියට බාධා කිරීමේදී පොලිසියට අදාළ ක්‍රියාවන්ට බාධා කළ හැකි බවයි.

එහෙත් පොලිසිය මෙලෙස මහජනතාවට බාධා කිරීම සහ එවැනි වීඩියෝගත කිරීම්වලට එරෙහිව අත්අඩංගුවට ගැනීම් පවා පසුගිය මාසය තුළ වාර්තා විය.

කෙසේවෙතත් වැඩබලන පොලිස්පතිවරයාගේ මෙම පියවර භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය තහවුරු කිරීමේ ජනමාධ්‍යවේදීන්ගේ සහ සිවිල් ක්‍රියාධරයන්ගේ සටනේ ජයග්‍රහණයකි.

එසේම මෙය පොලිස්පතිවරයා ගත් ඉදිරිගාමී පියවරක් ලෙස හැඳින්විය හැකිය.

 

42.31%
17.27%
32.76%