January 4, 2025

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ස්මාර්ට් යූත්’ නමැති සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක් වැයකර ඇතැයි අනාවරණය වේ.

අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගනණයකදී මේ බව හෙළිවී ඇත.

එම ප්‍රසංග මාලාව මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, දඹුල්ල, යාපනය සහ මහියංගනය ඇතුළු නගර 14කදී පවත්වා ඇත.

එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ, එවකට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යටතේය.

මිය අදාළ සම්පූර්ණ වාර්තාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යව ඇතැයි වාර්තා වේ.

මෙම අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂය භාර නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි

42.31%
17.27%
32.76%