April 29, 2024

රුසියානු – යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සහ අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

රුසියානු සහ යුක්‍රේන හමුදාවන්හි ශ්‍රම සූරාකෑමට ලක්වන සහ ඉදිරිපෙළ රාජකාරි සඳහා යවනු ලබන ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් සංඛ්‍යාව වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රකාශවීමත් සමග නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් එවැනි වංචාවල සංවිධායකයන් මර්දනය කරමින් සිටින බව එම අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පවසන්නේ පසුගිය කාලය පුරා ශ්‍රී ලාංකිකයන් රුසියාවට සහ යුක්රේනයට ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් කිහිප දෙනෙකු දැනටමත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමුකර ඇති බවත් මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවත් ඇමැතිවරයා ප්‍රකාශකර ඇත.

රුසියානු සහ යුක්රේන හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් සටන්වලදී ඛේදජනක මරණවලට මුහුණ දී ඇති බව මෑතකදී වාර්තා විය.

එවැනි යුද ගැටුම් සඳහා සහභාගී වීමට ඔවුන් එකඟ වී තිබී නැත.

ශ්‍රී ලාංකික හිටපු හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, ඔවුන් යොදවා සිටි සන්නද්ධ රථයකට පුපුරණ ද්‍රව්‍යයක් වැදීමෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබිණි.

ක්‍රියාන්විතයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය තවමත් සොයා ගැනීමට ද හැකි වී නැත.

රුසියාවේ සහ යුක්රේනයේ ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ යුක්රේනයේ විවිධ සටන් සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් 60කට වැඩි පිරිසක් සේවය කරන අතර 100කට අධික පිරිසක් රුසියාවේ සේවය කරන බවයි.

රැකියා ජාවාරම සංවිධාන කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුවළක් පසුගියදා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

(The daily Morning)

42.31%
17.27%
32.76%