December 29, 2023

කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් මේවන විට අඩි 14ක් දක්වා විවෘත කිරීමට කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කර තිබේ.

ඉහළ පෝශිත කලාපයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමගම කලාවැව මේවන විට අක්කර අඩි 84462ක ජල ධාරිතාවයක් දක්වා පැමිණ තිබෙන අතර, ඊයේ සිට වාන් දැමීම ආරම්භ කර ඇත.

මේ වන විට, තප්පරයට ඝන අඩි 13200ක ජල ධාරිතාවයක් කලාඔය හරහා රාජාංගණ වැවට නිකුත් කෙරෙයි.

මේ හේතුවෙන්, කලාවැව-තඹුත්තේගම මාර්ගය ස්ථාන දෙකකින් සම්පූර්ණයෙන්ම යටවී තිබේ.

අවුකන පාලම අසලින් හා වලව්වේගම දුම්රිය පාලම අසලින් ජලයෙන් යටවීම හේතුවෙන්, මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර, මේ හේතුවෙන් කලාවැව තඹුත්තේගම මාර්ගගේ කලාවැව පිවිසුම අසලින් මාර්ගය වසාදමා ඇත.

ඉදිරියේදී වර්ෂාවේ වැඩිවීමක් සිදු වූවහොත්, විවෘතව ඇති වාන් දොරටු දෙකෙහි ප්‍රමාණයන් වැඩිකිරීමට සිදුවන බැවින්, කලාඔය දෙපස පහත් බිම්වල ජනතාව තරමක අවධානයෙන් පසුවන ලෙසට අදාළ අංශ දැනුම්දී තිබේ.

42.31%
17.27%
32.76%