October 16, 2024

2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොළී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2023 වසරේ මුල් මාස 08 තුළ එම ප්‍රමාණය වාර්තා වී තිබුණේ රු. බිලියන 1,525.7 ක් ලෙසිනි.

මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 08 තුළ විදේශ ණය සඳහා පොළී ගෙවීම් 34.9% කින් ඉහළ ගොස් තිබීමයි.

2023 වසරේ මුල් මාස 08හි රු. බිලියන 74.1 ක්වූ විදෙස් ණය පොළී ගෙවීම් මේ වසරේ මුල් මාස 08 තුළ රු. බිලියන 100 ක් දක්වා ඒ අනුව වැඩි වී ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, අත්හිටුවා තිබූ ඇතැම් බහුපාර්ශවයීය ණය පොළී ගෙවීම් නැවත ආරම්භ කිරීමත් සමඟ මෙලෙස මෙම වසරේ දී ණය පොළී ගෙවීම් ඉහළ ගොස් ඇති බවයි.

තවද දේශීය ණය පොළී ගෙවීම් රු. බිලියන 1,451.6 සිට රු. බිලියන 1,459.7 ක් දක්වා 0.6% ක වැඩිවීමක් වසරේ මුල් මාස 08 තුළ පෙන්නුම් කර ඇත.

මේ අතර 2024 වසරේ සමස්ත ණය පොළී ගෙවීම් ප්‍රමාණය රු. බිලියන 2,650 ක් බවට මුදල් අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර තිබේ.

42.31%
17.27%
32.76%