56.8%
18.59%
20%
August 19, 2024

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ඉතිරිව ඇත්තේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 44,200ක පමණ තොගයේ බව වාර්තා වේ.

විද්‍යුත් ගමන් බලපත්‍ර ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යෝජිත බැවින් විදේශ ගමන් බලපත්‍ර අලුතින් මුද්‍රණය නොකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

එහෙත් එම වැඩසටහන දිගින් දිගටම ප්‍රමද විය.

ඒ අනුව ගමන් බලපත්‍ර සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට දෙපාර්තමේන්තුව දැඩි පාලන අනුපාතයකට යටත්ව ඒවා ඉල්ලුම්කරුවන්ට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ ආරවුල් ඇති කිරීමට ද හේතු වී ඇත.

දෙපාර්තමේන්තුව දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 900ක් නිකුත් කරන අතර තවත් 100ක් “ඇමැති කෝටා” ලෙස වෙන් කර ඇත.

ගමන් බලපත්‍ර සාමාන්‍ය දෛනික අවශ්‍යතාව 3,000ක් පමණ වේ.

මෙයින් අදහස් කරන්නේ විදේශ ගමන් බලපත්‍ර ඉතිරිව ඇත්තේ තවත් දින 43කට පමණ වන බවයි.

56.8%
18.59%
20%