September 8, 2024

ශ්‍රී ලංකා බැංකු පද්ධතිය තුළ විදේශ මුදල් ප්‍රේෂණ ගිණුම් ඇති සංක්‍රමණික සේවකයන්ට නිකුත් කර ඇති විදුලි වාහන බලපත්‍ර යටතේ නිවැරදි ලෙස ආනයනය කර ඇත්තේ වාහන 163 න් 20 ක් පමණ බව ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර විමර්ශනවලින් හෙළි වී තිබේ.

The Sunday Morning වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසා ඇත්තේ, දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත්තේ වාහන හතකට පමණක් බවයි.

“ඒ විශේෂිත ආනයනකරු රේගුවට එරෙහිව අධිකරණයට ගියා. අපි තනි තනිව විමර්ශනය කර අක්‍රමිකතා රැසක් සොයාගෙන ඇති අතර එම කඩකිරීමේ සංඛ්‍යාව සහ රේගු ආඥාපනත අනුව දඬුවම් ලබාදුන්නා” යනුවෙන් ඔහු පවසයි.

“ අපි වාහන 163 කින් රු. මිලියන 439 ක් උපයා ගත්තා. මෙම වාහන 163 න් 20 ක් පමණයි නිවැරදි ලෙස ආනයනය කර ඇත්තේ. වාහන 130කට මිල සහ විකල්ප වෙනස, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම වැනි ගැටළු ඇතිවී තිබෙනවා.” යනුවෙන් ද ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසා ඇත.

“අපි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම අමාත්‍යංශය සෑම ගැටලුවක් සඳහාම බලපත්‍රයේ විවිධ සංශෝධන ඉදිරිපත් කළා, අපි සියලු ගැටලු පාහේ නිවැරදි කර, ක්‍රියා පටිපාටිය අනුගමනය කර නිෂ්කාශනය ආරම්භ කරන ලෙස සාමාන්‍ය වාහන නිෂ්කාශන කාර්යාලයට දැනුම් දුන්නා.” යනුවෙන් ඔහු පවසා තිබේ