April 17, 2025

Manthri.lk වේදිකාවට අනුව, 2025 පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවති අයවැය සම්බන්ධ රැස්වීම් 27 ටම 100% පැමිණීම වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු පමණි.

ඔවුන් අතරින් ආණ්ඩුවෙන් සිටින්නේ අගමැති හරිනි අමරසූරිය, අමාත්‍ය බිමල් රත්නායක, අගමැති සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මන්ත්‍රීවරුන් තිදෙනෙකි. ඉතිරි හත්දෙනා විපක්ෂයෙනි.

ඒ අනුව පාර්ලිමේන්තු වාර සඳහා පූර්ණ සහභාගිත්වය ඇති මන්ත්‍රීවරුන් වන්නේ : බිමල් රත්නායක, හරිනි අමරසූරිය, රිස්වි සාලි, ඩී.වී. චානක, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, කේ. සුජිත් සංජය පෙරේරා, සහ රවී කරුණානායක.