Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන්කරවා ගැනීම සඳහා මෑතකදී හඳුන්වා දුන් ක්‍රමය නිසා සාමාන්‍ය මගීන්ට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවට පැමිණිලි ලැබී තිබේ.
විශේෂයෙන්ම සංචාරක සේවා සපයන්නන් වැනි ඇතැම් පුද්ගලයන් එය ජාවාරමක් බවට පත්කරගෙන ඇති බවට වාර්තා වේ.
ඔන්ලයින් ක්‍රමයට පමණක් දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ මාර්තු මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.
මෙම ක්‍රමය යටතේ ජංගම දුරකථන ජාල ඔස්සේ ජංගම දුරකථන යෙදුමක් හෝ අදාළ වෙබ් අඩවියට ගොස් ආසන වෙන්කරවා ගැනීම පහසු කර තිබේ.
මෙම ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව මගීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැමිණිලි කර ඇත්තේ ඒ හරහා වෙන් කරවා ගැනීම තමන්ට ඉතා අපහසු වී ඇති බවයි.
මෙම ක්‍රමය යටතේ, නිශ්චිත කාල සීමාවක් තුළ වෙන් කිරීම් සිදු කළ හැකි අතර, කලින් වෙන් කරවා ගත හැකි ආසන සියල්ලම පාහේ තත්පර කිහිපයක් ඇතුළත වෙන් කරවා ගෙන අවසන් වන බවට මගීන් ප්‍රකාශ කර තිබිණි.
දුම්රියදෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටියේ ඇතැම් පුද්ගලයන් මේ වන විට අලුතින් හඳුන්වා දුන් ක්‍රමය ජාවාරමක් බවට පත්කරගෙන ඇති බවයි.
“මේ ක්‍රමය හරහා සාමාන්‍ය මගියෙකුට වෙන්කරවා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. හේතුව, ඇතැම් පුද්ගලයන්, වැඩි වශයෙන් සංචාරක මඟපෙන්වන්නන්, තොග වශයෙන් වෙන් කරවාගෙන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ඉහළ මිලට අලෙවි කිරීමයි. ඒ බව පෙනී යනවා මෙම ක්‍රමය යටතේ බදුල්ල දක්වා වන දුම්රිය සඳහා වෙන් කරවා ගැනීම් බොහොමයක් සිදු කරනු ලබන්නේ කොළඹ කොටුවෙන් නෙවෙයි මහනුවරින් වීම තුළින්. සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්‍යයෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියක අසුනක් වෙන්කර ගන්නේ කොළඹින්. සංචාරකයන් වැඩි වශයෙන් මහනුවරට පැමිණීමෙන් පසු බදුල්ලට ගමන් ආරම්භ කරන නිසා මහනුවරින් වෙන්කරවා ගැනීම සිදු වෙන බව පේනවා.” යනුවෙන් එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
මෙම ක්රමයේ ඇතැම් ගැටලු හේතුවෙන් අදාළ වාර්ෂික බලපත්‍ර භාවිත කරමින් දුම්රියේ ගමන් කිරීමේදී රාජ්‍ය සේවකයන්ට ද විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
“රාජ්‍ය සේවකයන්ට දුම්රිය ස්ථානයකට ගොස් වෙන්කරවා ගැනීමට හැකි වූ නමුත් දැන් එය කළ කරන්න බැරිවෙලා තියෙනවා. මෙම ක්‍රමය භාවිත කිරීමට තාක්ෂණය සම්බන්ධ යම් දැනුමක් අවශ්‍යයයි. බොහෝ රාජ්‍ය සේවකයන්ට සහ මගීන්ට අදාළ ක්‍රියාවලිය ඉක්මණින් සිදු කළ නොහැකි වුණත් මෙම ක්‍රමය භාවිත කර මුදල් ඉපැයීමට කටයුතු කරන අය ඉක්මණින් කර ආසන කිහිපයක් වෙන්කර ගන්නවා. ඒක සාමාන්‍ය මගියාට කරන ලොකු අසාධාරණයක්.” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී H.M.K.W. බණ්ඩාර පැවසුවේ වත්මන් සැපයුම ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ආසන වෙන්කරවා ගැනීමේදී මගීන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
“සියලු ආසන කෙටි කාලයක් තුළ වෙන් වන බැවින් සාමාන්‍ය ජනතාවට වෙන්කරවා ගන්න බැරිවෙනවා. උඩරට දුම්රිය මාර්ගයට ආවම තමයි මේ ප්රශ්නය පෙනෙන්නේ. ඊට පිළියමක් හැටියට වෙන් කර ගත හැකි ආසන සහිත නව දුම්රිය හඳුන්වා දීමට අපි සැලසුම් කර තිබෙනවා” යැයිද ඔහු පැවසීය.
දුම්රිය ප්‍රවේශපත්‍ර ඉහළ මිලට අලෙවි කිරීමේ සිද්ධීන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ නව දුම්රිය හඳුන්වා දෙන විට කිසිවකුට ඉහළ මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇති බවයි.
ප්‍රශ්නගත ක්‍රමය හඳුන්වා දීමට පෙර, පවතින ආසනවලින් 60%ක් අදාළ දුම්රිය ස්ථානවලට පැමිණීමෙන්ද, 40%ක් මාර්ගගත පද්ධති හරහාද වෙන්කරවා ගත හැකි විය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ මෙම ක්‍රමය සම්බන්ධ ගැටලු කඩිනමින් නිවැරදි කළ යුතු බවයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart