November 4, 2024

දැනට පවතින නව විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම නුදුරු දිනකදීම අන්තර්ජාලය හරහා සිදු කරන බව ඇමැති විජිත හේරත් පවසයි.

කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හේරත් කියා සිටියේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මිස නොවැම්බර් මාසයේදී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

කෙසේවෙතත්, බත්තරමුල්ලේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අද යළිත් දිගු පෝලිම් දක්නට ලැබුණේ තම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පුද්ගලයන් රැඳී සිටීම හේතුවෙනි.

දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර සීමිත බැවින් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස රජය මීට පෙර ඔක්තෝබර් 29 වැනි දින මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, ප්‍රමාදයන් සහ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිගු කාලයක් බලා සිටීම ගැන බොහෝ දෙනෙක් කලකිරීම ප්‍රකාශ කරනු දක්නට ලැබේ.

 

42.31%
17.27%
32.76%