February 14, 2024

ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට යෝජනා කර ඇති නව සංශෝධන සිදුකිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ‍විජේදාස රාජපක්ෂ පවසන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සංශෝධන ඉදිරිපත් කරනු ඇති බවයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම සංශෝධන ඉදිරිපත් කිරීමට පෙරේදා රැස් වූ කැබිනම් මණ්ඩලය තීරණය කළේ ය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසන්නේ, සංශෝධන 30කට අධික සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතා ඉදිරිපත් කර තිබිණි.

සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලදී ගත් තීරණ අනුව නව සංශෝධන ඉදිරිපත් කර ඇති බව ටිරාන් අලස් ඇමතිවරයා සඳහන් කරයි.

පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් විවේචන එල්ල කළහ.

එහෙත් පෙබරවාරි 1වැනිදා මීට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර, එය යළිත් සංශෝධනය කිරීමට සූදානම් වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසම පවා පත්කර නොමැති පසුබිමකය.

42.31%
17.27%
32.76%