January 23, 2024

ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මැතිවරණ ව්‍යාපාර අඩපණ කිරීමට, ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමට සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවට ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් පිරිසක් අනතුරු අඟවා තිබේ.

භාෂණයේ නිදහස සීමා කරන නීති හතක් ශ්‍රී ලංකාවේ දැනටමත් පවතින බවත්, එබැවින් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත අවශ්‍ය නොවන බවත් IT Professionals for the People (IT4P) නම් එම කණ්ඩායම පෙන්වා දෙයි.

ඒ අනුව, අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත වැනි ප්‍රධාන ප්‍රතිපත්ති පිළිබඳව පුරවැසියන්ගේ ගැටළු ප්‍රකාශ කිරීමට SMS පණිවිඩයක් භාවිත කිරීම මගින් “ඊ-ජනමත විචාරණයක්” සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉඩ ලබා දී තිබේ.

IT Professionals for the People (IT4P) කණ්ඩායම පවසන්නේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම්, OSB YES ලෙසත්, පනත් කෙටුම්පත සම්මත නොකළ යුතු නම්, OSB NO ලෙසත් සඳහන් කර 0767 001 001ට SMS පණිවිඩයක් යැවීමෙන් ඊ-ජනමත විචාරණයට සහභාගී විය හැකි බවයි.

42.31%
17.27%
32.76%