Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව ඔන්ලයින් මගින් ලබාගත් ක්ෂණික ණය ආපසු අයකර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකිරීම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජංගම දුරකථනය ඔස්සේ මාර්ග ගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් පන්සියයකට අධික පිරිසකට එරෙහිව කොල්ලුපිටියේ ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගම මගින් මෙම නඩු පවරා ඇත.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්ට අමතරව හම්බන්තොට, ගාල්ල, මාතර, බෙලි අත්ත, අවිස්සාවේල්ල, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, හඟුරන්කෙත, මන්නාරම, පුත්තලම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ටද එරෙහිව මෙම නඩු පවරා තිබේ.
මෙම නඩු කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ ඉදිරියේ කැඳවූ අතර නීතිඥ ඩිල්ෂාන් වීරසේකර පැමිණිලිකාර සමාගම වෙනුවෙන් කරුණු දැක්වීය.
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගමේ ලෝන්වී ඇප් එක සහ වෙබ් අඩවියට පිවිස කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ණය මුදල් ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හැරි පුද්ගලයන්ට මෙම නඩු පවරා ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.
විත්තිකරුගේ ජංගම දුරකථන අංකය හරහා ලෝන්ම මෘදුකාංගයට උඩුගත කළ ජාතික හැඳුනුම්පත ඡායාරූපය හා බැංකු ගිණුම් අංකයට පැමිණිලිකාර සමාගම මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය බැර කර ඇති බවත්, එම ණය නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී සමථයකට පත් නොවූ පුද්ගලයන්ට 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව නඩු පැවරූ බවත් නීතිඥවරයා පැවසීය.
විත්තිකාර ණය හිමියාගෙන් අදාළ ණය මුදල් අයකර ගැනීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත්, ණය ලබාගත් දින සිට නඩුව අසා නිමවනතුරු ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග කරන්නැයි පැමිණිලි මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
පැමිණිලි වල කරුණු සළකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නොවැම්බර් 11 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නොතිසි නිකුත් කරමින් නියෝග කළේය.
ක්‍ෂණික ණය ගෙවීම පැහැරහැරි තවත් පන්සියයකට අධික පිරිසකට එන්තරවාසි යොමුකර ඇති බව පැවසූ නීතිඥවරයා එම නඩු විත්තිකරුවන් පදිංචි දිසා අධිකරණ බල ප්‍රදේශවල පැවරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart