April 20, 2024

නයිජීරියානු චෙස් ප්‍රවීණයකු වන තුන්ඩේ ඔනකෝයා දීර්ඝතම වෙලාවක් චෙස් ක්‍රීඩා කිරීමේ වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබේ.

ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ නිව් යෝර්ක්හි ප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේදීය.

එක දිගට පැය 58ක් ක්‍රීඩා කළ ඔහු තවමත් චෙස් ක්‍රීඩා කරමින් සිටියි.

මිලියන සංඛ්‍යාත ළමුන් සඳහා චෙස් අධ්‍යාපනය වෙනුවෙන් ආධාර කිරීමට ඩොලර් මිලියන 1ක් රැස් කිරීම ඔනකෝයාගේ බලාපොරොත්තුව වේ.

මෙම නයිජීරියානු චෙස් ප්‍රවීණයා දිරිගැන්වීම සඳහා නයිජීරියානු ප්‍රජාවේ ආධාරකරුවන් සිය ගණනක් පැමිණි බව වාර්තා වේ.

ගිනස් ලෝක වාර්තා විසින් මීට පෙර පිළිගනු ලැබූ ලෝක වාර්තාව පැය 56 විනාඩි නවයක් සහ තත්පර 37කින් පිහිටුවා තිබිණි.

එය 2018 දී නෝර්වීජියානුවන් දෙදෙනෙකු වන Hallvard Haug Flatebø සහ Sjur Ferkingstad විසින් පිහිටුවන ලද්දකි.

29 හැවිරිදි ඔනකෝයා, ලාගෝස් හි කුප්‍රකට පාවෙන මුඩුක්කු ප්‍රදේශයේ හැදී වැඩෙන විට ඔහු මුහුණ දුන් අධික දරිද්‍රතාවෙන් ඔහුව බේරා ගැනීමට හේතු වූ චෙස් ක්‍රීඩාවට ගෞරවය දක්වයි.

ඔහුගේ ලාභ නොලබන සංවිධානයක් හරහා දුප්පත් ප්‍රජාවන්ගේ දරුවන්ට ක්‍රීඩාව උගන්වන අතර ඔවුන්ගේ අධ්‍යාපනයට උපකාර කරයි.

ඔනකෝයා එක්සත් ජනපදයේ ලාභ නොලබන The Gift of Chessහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වෙයි.

එය චෙස් හරහා ජීවිත පරිවර්තනය කිරීමට ක්‍රියා කරන අතර 2030 වන විට අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සඳහා චෙස් කට්ටල මිලියනයක් බෙදා හැරීමට ඉලක්ක කරයි.