February 22, 2025

ඊයේ (21) රාත්‍රියේ කොටහේන, ගල්පොත්ත හන්දියේදී යතුරුපැදියකින් තවත් සහකරුවෙකු සමඟ පැමිණි තුවක්කුකරුවකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත්, වෙඩි තැබීමට සම්බන්ධ බව කියන ප්‍රහාරකයින් පළායමින් සිටියදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමට භාවිත කළ T56 ගිනි අවිය සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොටහේන වීදියේ ජංගම දුරකථන උපාංග වෙළඳසැලකදී වෙඩි තබා ඇත්තේ 37 හැවිරිදි ශෂි කුමාර් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයාටය.

සිද්ධියෙන් පසු, ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නමුත් පසුව මියගියේය.

කෙසේවෙතත් කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී පසුව ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස මොවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ.

පහතින් දැක්වෙන්නේ එම වෙඩික්කරුවන් අත්අඩංගුවට ගත අවස්ථාවේ දර්ශන පෙළකි.