July 26, 2023

හෙල්මට් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කදපොළවත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මියගිය පුද්ගලයාගේ බාල සොයුරාගේ පුතුන් දෙදෙනකු විසින් අධික ලෙස බීමත්ව පැමිණ මියගිය පුද්ගලයාගේ වෙළඳසැල අසලදී ඔහුට පහර දී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස පහරදුන් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කදපොල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.