August 8, 2023

කඳාන පල්ලිය පාරේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් එහි සේවකයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එහි දුම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවූ පාසල් සිසුන් 50ක් පමණ රාගම රෝහලට ඇතුළත් කළ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යෙදවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.