April 23, 2025

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි මාසය සඳහා නිල දරිද්‍රතා රේඛා සංඛ්‍යාලේඛන නිකුත් කර තිබේ.

ඊට අනුව මෙරට පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 16,318 ක මුදලක් අවශ්‍ය වේ.

එම දත්තවලට අනුව මූලික මාසික අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩිම වියදම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රු. 17,599 කි.

අඩුම අගය වන රු.15,603ක මුදලින් යැපිය හැකිවන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයෙකුටයි.

දරිද්‍රතා රේඛාව මගින් මූලික ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය අවම වියදම නියෝජනය කරන අතර උද්ධමනය සහ ජීවන වියදම් වෙනස්වීම් පිළිබිඹු කිරීම සඳහා එය මාසිකව සංශෝධනය කෙරේ.