Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් ලෙතන්ටි වතුයායේ පැවති මත්පැන් බීමේ තරගයකින් පළමු ස්ථානයට පැමිණි පුද්ගලයකු තරඟය අවසන් වී පැය කිහිපයක් ඇතුළත මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගනේෂන් රාමචන්ද්‍රන් (39) එම වතුයායේ කම්කරුවෙකි.
වතුයායේ හින්දු කෝවිලේ තේරු මංගල්‍යයෙන් පසු තරුණයන් පිරිසක් මෙම මත්පැන් බීමේ තරගය සංවිධාන කර තිබිණි.
ගනේෂන් ඇතුළු තරුණයන් කිහිපදෙනකු තරගයට එක්ව සිටි අතර ඔවුන්ට ලබාදී තිබුණේ මිලි ලීටර් 750 බැගින් වූ අරක්කු බෝතල්ය.
අවම කාලයක් තුළ මත්පැන් පානය අවසන් කළ තරඟකරු ජයග්‍රාහකයා විය.
කෙසේවෙතත්, තරඟය මුලින්ම අවසන් කර ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කළ පුද්ගලයා නින්දට යෑමෙන් පසු මියගොස් තිබේ.
බරපතළ ලෙස රෝගාතුර වූ තවත් තරගකරුවකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් නාවලපිටිය මහ රෝහලට මාරුකර යවා ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තා කර තිබුණේ නියුමෝනියාව සහ ආහාර උගුරේ සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
කෙසේවෙතත් වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart