May 13, 2024

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක් තිබූ මාර්ගයට ආලෝකය ලබාදීමට විදුලි බල්බ සවිකිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදුලි බල්බ සවිකිරීමට යොදාගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 වයසැති තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලි සැර වැදුණු අනෙක් පුද්ගලයින් සිව්දෙනා වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

නිට්ටඹුව පොලිසිය මෙම අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

42.31%
17.27%
32.76%