June 27, 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අද(27) සිට රටවල් 18ක ප්‍රදර්ශනය කිරීම ඇරඹෙයි.

ලබන අගෝස්තු මස 05 සහ 06 දෙදින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

මෙවර එක්දින ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දියාවෙිදි අද(27) සිට ලබන ජූලි මස 14 දක්වා 2023 ලෝක කුසලානය නගර කිහිපයක සංචාරය කෙරෙමින් ප්‍රදර්ශනය කෙ⁣⁣රේ.

අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියා, අමරිකාව, බටහිර ඉන්දිය කොදෙව්, පාකිස්තානය, බංග්ලාදේශය, කුවෙිට්, බහරෙන්, ඉතාලිය, ප්‍රංශය, මලයාසියා, නයිජිරියා ඇතුළු රටවල් 18ක එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරේ.

ඒ අතරතුර ජුලි 22 සිට 24 දක්වාත්,අගෝස්තු 14,15 දෙදින එක්දින ලෝක කුසලානය සත්කාරක ඉන්දියාවේදි ප්‍රදර්ශනය කරයි.

ඒ අනුව 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය රටවල් 18හි සංචාරය කිරිමෙන් පසු සැපැතැම්බර 04 වනදා නැවත ඉන්දියාවට ගෙන එනු ලැබේ.

තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19වැනිදා දක්වා ඉන්දියාවේදි පැවැත්වෙයි.