October 27, 2024

නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු නිරුවත් කර නවකවදය දුන් පොලිස් කොස්තාපල්වරයකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය අනාවරණය කරයි.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිසියට වාර්තා කරන ලද පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු මෙම සිදුවීමට මුහුණ දී තිබෙන බව පොලීසිය පවසයි.

42.31%
17.27%
32.76%